Logo
වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය 2025
වැඩසටහන සාර්ථකව නිම කරන ලදී

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ 11 වන උපාධි ප්‍රදානෝත්සවය කුලපති මහාචාර්ය හරිශ්චන්ද්‍ර අබේගුණවර්ධන සහ උපකුලපති මහාචාර්ය ප්‍රසන්න ප්‍රේමදාස යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් 2026 ජනවාරි 07 වන දින BMICH හිදී පැවැත්විණි.

දිනය

2026 ජනවාරි 07

වේලාව

පෙ.ව. 09.00

ස්ථානය

BMICH, කොළඹ

සංවිධානය

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය

වැඩසටහන් සාරාංශය

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ 11 වන වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය 2026 ජනවාරි 07 වන දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී. මෙහිදී උපාධි පාඨමාලා 14 ක් යටතේ සිසුන් 697 දෙනෙකු සිය උපාධි ලබා ගත් අතර, එය ඔවුන්ගේ අධ්‍යාපනික ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. විශිෂ්ට අධ්‍යාපනික දක්ෂතා දැක්වූ සිසුන් 23 දෙනෙකු මෙහිදී විශේෂ සම්මානයෙන් පිදුම් ලැබූහ. ඒ අතරින් සමස්ත අධ්‍යාපනික විශිෂ්ටත්වය වෙනුවෙන් පිරිනමනු ලබන 'විද්‍යා ජෝති මහාචාර්ය දයන්ත එස්. විජේසේකර අනුස්මරණ රන් සම්මානය' අසින්ෂානී මේනකා හේරත් මෙනවිය විසින් හිමිකර ගන්නා ලදී. ගුණාත්මක වෘත්තීය අධ්‍යාපනයක් ලබා දෙමින් රටේ සංවර්ධනයට දායක විය හැකි දක්ෂ උපාධිධාරීන් බිහිකිරීමට විශ්වවිද්‍යාලය දක්වන කැපවීම මෙම උත්සවයෙන් මැනවින් පිළිඹිබු විය.

විශේෂ අවස්ථා

Convocation Event 1
View
Convocation Event 2 New
View
Convocation Event 3
View
Convocation Event 4
View
Convocation Event 5
View
Convocation Event 6
View
Convocation Event 7
View
Convocation Event 8
View
Convocation Event 9
View
Convocation Event 10
View
Convocation Event 11
View
Convocation Event 12
View
Convocation Event 13
View
Convocation Event 14
View